මෙහෙයුම් ගුවන් පුරප්පාඩු (පිරිමි )
අධ්‍යාපනික සුදුසුකම්
සිංහල / දෙමළ භාෂාවට සාමාන්‍ය සාමාර්ථයක් සහ ඉංග්‍රීසි භාෂාව ට සම්මාන සාමාර්ථයක් ද සහිතව වාර දෙකකට නොවැඩි වාර ගණනකදි විෂයයන් හයකින් අ.පො.ස. (සා. පෙළ ) විභාගය සමත්ව තිබිය යුතුය.
අවශ්‍ය මූලික සුදුසුකම්
Name | විස්තර |
---|---|
ජාතිකත්වය: | ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය |
විවාහක / අවිවාහක බව: | අපේක්ෂකයන් අවිවාහක විය යුතුය |
වයස (අවුරුදු ): | පුරුෂ පාර්ශවය: Sep 01, 2021 දිනට අවුරුදු 18 කට නො අඩු හා අවුරුදු 24 වඩා වැඩි නොවන |
උස: | පුරුෂ පාර්ශවය: 5'5" හෝ ඉහල |
සිරුරේ බර: | පුරුෂ පාර්ශවය: 17 < BMI < 26 |
ළය: | 32 ක අවමයක් (පුරුෂ පාර්ශවය) |
වර්ණ දැක්ම: | CP2 |
දෘෂ්ටි පරීක්ෂාව: | වම් ඇස 6/6 හා, දකුණු ඇස 6/6 (ඇස් කණ්ණාඩි නොමැතිව) |
නිත්‍ය/ස්වෙච්ඡා:
Other details
ස්වේච්ඡා සහ ඉදුරාම බඳවා ගන්නා අයදූම්කරුවන් හට තම වෘත්තීය සුදූසුකම් මත ප්‍රමුඛත්වය දෙනු ලැඛේ.
ස්වේච්ඡා සහ ඉදුරාම බඳවා ගන්නා අයදූම්කරුවන් ප්‍රායෝගික පරිකෂණයෙන් සමත් විය යුතුය.
එක් අයදූම්කරුවෙකුට සහභාගි විය හැක්කේ එක් සම්මුඛ පරිකෂණයකට පමණි.
සම්මුඛ පරීකෂණ සමත්වන සියලුම අයදූම්කරුවන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය ප්‍රමිතියට අනුව පවත්වනු ලබන වෛද්‍ය පරීකෂණයෙන් හා ශාරීරික යෝග්‍යතා පරිකෂණයෙන් සමත් විය යුතුයි.
යම් අයදූම්කරුවකුගේ ඉහත දක්වා ඇති අවශ්‍යතාවයන් නියමිත පරිදි නොමැති වුවද ගුවන් හමුදා සේවයට ප්‍රයෝජනවත් වන විශේෂ සුදූසුකම් ඇත්නම් ගුවන් හමුදාධිපතිතුමාගේ අභිමතය පරිදි ඔහු හෝ ඇය බඳවා ගැනීම පිළිබඳව සලකා බලනු ලැඛේ.
අයදුම්පත
සහතික පත්‍රවල පිටපත් යොමු කිරීම ගැසට් නිවේදනයේ අනිවාර්ය බව සඳහන් වුවද, අන්තර්ජාල අයදුම්පත සමග සහතික පිටපත් යොමුකිරීම අනිවාර්ය නොවේ.